අන්තර් සමාජ විස්සයි-20 ක්‍රිකට් තරගය මාර්තු මුල සිට

Monday, 22 February 2021 - 18:14

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92-20+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%A7

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය එළැඹෙන මාර්තු මස මුල් සතියේ සිට පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය මාර්තු මස 04 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

දේශීය ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින් සතු විස්සයි-20 දක්ෂතාවයන් මැන බැලීම වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ඒ, බී. සී. සහ ඩී වශයෙන් කාණ්ඩ 4 ක් යටතේ පැවැත්වෙන බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

 තරගාවලියේ අවසන් මහ තරගය මාර්තු 20 වැනිදා පැවැත්වෙනු ඇත.


lpl  වලින් පසු, මෙරට ලොකුම ක්‍රිකට් ගැටුම පැවැත්වෙන්නේ මෙහමයි