බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ගැන නයක දිමුත්ගේ බලාපොරොතුවක්

Tuesday, 23 February 2021 - 9:20

%E0%B6%B6%E0%B6%A7%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) අළුයම දිවයිනෙන් පිටත්ව ගියා.

දිවයිනෙන් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා එක්දින නායක දිමුත් කරුණාරත්න මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ තරඟාවලිය සඳහා කණ්ඩායම හොඳ සූදානමින් සිටින බවයි.

ළහිරු කුමාරට කොරෝනා ආසාදනය වීම වැළක්විය නොහැකි කරුණක් බව පැවසූ දිමුත් වැඩිදුරටත් සඳහන් කළේ  සන්ච්තයේ සිටිනා ක්‍රීඩකයින්ගෙන් තරඟාවලිය ජය ගැනීමට සැලසුම් සකස් කරන බවයි.

මෙම තරඟාවලිය සඳහා පළපුරුදු ක්‍රීඩකයින් කිහිප දෙනක්ම සහභාගී නොවීම කණ්ඩායමට අවාසියක් බව වැඩිදුරටත් අදහස් දැක්වමින් නායක දිමුත් කරුණාරත්න සඳහන් කර සිටියා.