ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ධූරයෙන් චමින්ද වාස් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් තමන් පෞද්ගලික කණගාටුවට පත්වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කොදෙව් සංචාරය සඳහා නික්මීමට පැය කිහිපයකට පෙර වේග පන්දු යවන පුහුණුකරු චමින්ද වාස් සිය තනතුරෙන් ඉවත්වීම මතභේදාත්මක කරුණක්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ චමින්ද වාස් සිය දීමනාව පිළිබඳව මතභේදයක් හේතුවෙන් එලෙස ඉල්ලා අස් වී ඇති බවයි.
කෙසේ නමුත්, පසුව ට්වීටර් සටහනක් නිකුත් කරමින් චමින්ද වාස් කියා සිටියේ තමා කාරුණික ඉල්ලීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කළද, එය ප්‍රතික්ෂේප කෙරුණු බවයි.
එමෙන්ම, යුක්තිය ජයගනු ඇතැයි ඔහු සිය ට්වීටර් පණිවුඩයෙන් ප්රාර්ථනාවක්ද කළා.
මෙම ගැටළුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන අද පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පිළිතුරු ලබා දුන්නා.