ඉන්දියාව අයි.සී.සී. ටෙස්ට් දර්ශකයේ මුල් තැනට

Sunday, 07 March 2021 - 13:47

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B7%83%E0%B7%93.%E0%B7%83%E0%B7%93.+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B6%A7
සංචාරක එංගලන්ත පිල පරදවා තුනට එකක ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කළ ඉන්දියාව, අයි.සී.සී. ටෙස්ට් කණ්ඩායම් දර්ශකයේ ප්‍රමුඛස්ථානය හිමිකරගෙන තිබෙනවා.

යාවත්කාලීන කළ ප්‍රසාද ලකුණු සටහනට අනුව ඔවුන්ට හිමිව ඇති ලකුණු සංඛ්‍යාව 122 ක්.

මෙතෙක් ප්‍රමුඛස්ථානයේ සිටි නවසීලන්තය දෙවන තැනට පත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 118 ක් සමඟින් ඊයේ ලද ජයග්‍රහණයත් සමඟ ඉන්දියාව අයි.සී.සී. ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයටද සුදුසුකම් ලැබුවා.

ඔවුන් ලන්ඩනයේ ලෝඩ්ස් පිටියේ ජූනි මාසයේ පැවැත්වෙන අවසන් මහා තරගයේදී මුහුණදෙන්නේ කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් නවසීලන්ත පිලටයි. අයි.සී.සී. ටෙස්ට් කණ්ඩායම් දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ හත්වන ස්ථානයයි.