මිකී ආතර් දුක්වෙයි

Monday, 08 March 2021 - 13:03

%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B7%93+%E0%B6%86%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පන්දු වාර විස්ස තරගාවලිය පරාජයට පත්වීම සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් ප්‍රකාශ කර තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සහභාගි නොවීම, තරගයේ පරාජයට බලපෑ බවයි.

දෙරට අතර පැවති තරග තුනකින් සමන්විත පන්දු වාර විස්සයි විස්ස තරගාවලිය දෙකට එකක් ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කළේ අද පැවති අවසන් පන්දු වාර විස්ස තරගය කොදෙව් කණ්ඩායම කඩුලු තුනකින් ජයගැනීමත් සමඟයි.

දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අනිද්දා ආරම්භවීමට නියමිතව තිබෙනවා.

\"\"