සංචාරක ව්‍යාපාරය සමඟ බද්ධ වෙමින් ක්‍රීඩා ආර්ථිකය ශක්තිමත් කරනවා - ඇමති නාමල් රාජපක්ෂ

Saturday, 27 March 2021 - 19:54

%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%99%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82
එල්.පී.එල් වැනි සංචාරක ව්‍යාපාරය සමඟ බද්ධ වූ තරගාවලි පවත්වා ක්‍රීඩාව තුලින් ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වනු ලබන ඇවිදීමේ තරගාවලියේ ආරම්භක සංඥාව කතරගම - රජමාවතේදී නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැර්තන් තරගය, ඇවිදීමේ තරග සහ පාපැදි තරග අද සිට ඉදිරි දින 3 තුලදී පැවැත්වෙනවා.