ශ්‍රී ලංකාව කොදෙව් ටෙස්ට් තරගාවලි ජයක් අපේක්ෂාවෙන්

Monday, 29 March 2021 - 20:10

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
බටහිර ඉන්දීය කොදෙව් දිවයින් හිදී ප්‍රථම ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් ලැබීම සඳහා ඇන්ටිගුවා හිදී අද ආරම්භ වන දෙවන ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා පිළ උත්සාහයක නිරත වනු ඇති.

පළමු තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් වූයේ නවක ක්‍රීඩක පැතුම් නිශ්ශංක ඇතුළු ශ්‍රී ලංකා පිතිකරුවන් ඉහළ දස්කම් දක්වද්දියි.

ශ්‍රී ලංකාව මෙතෙක් කොදෙව් දිවයින් හිදී ටෙස්ට් තරගාවලි 4කට සහභාගි වී ඇති අතර, අවසන් තරගාවලි දෙක ජය පැරදුමෙන් තොරව නිමාවට පත්වුණා.