කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාවට ලකුණු 377 ක ඉලක්කයක්

Friday, 02 April 2021 - 7:01

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+377+%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ ඇන්ටිගුවා හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි.

ඊයේ හතරවන දිනය අවසානයේ දෙවන ඉනිමේ පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිල කිසිවෙකු නොදැවී ලකුණු 29 ක් ලබා සිටියා.

බටහිර ඉන්දීය කොදෙව් පිල මුල් ඉනිම සඳහා ලකුණු 354 ක් රැස් කළ අතර, දෙවන ඉනිමේදී කඩුලු හතරක් දැවී ලකුණු 280 ක් ලබා පන්දුවට පහරදීම අත්හිටවූවා.

එහිදී නායක ක්‍රේග් බ්‍රැත්වේට් ලකුණු 85 ක් ද, ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 71 ක්ද රැස් කළා.

ශ්‍රී ලංකා පිල මුල් ඉනිම සඳහා ලකුණු 258 ක් රැස් කළ අතර, ඒ අනුව ජයග්‍රහණය සඳහා ලැබී ඇත්තේ ලකුණු 377 ක ඉලක්කයක්.

ශ්‍රී ලංකා පිල කඩුලු 10 ම ඇතැතිව මේ වනවිට කොදෙව් පිලට වඩා ලකුණු 348 ක් පිටුපසින් සිටිනවා.