අයි.පී.එල්. තරගාවලියට කොරෝනා අවදානමක්

Saturday, 03 April 2021 - 13:54

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%B4%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඉන්දියාවේ මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගනයේ කාර්ය මණ්ඩලයට ද කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නව අවදානමකට ලක්ව තිබෙනවා.

මෙවර සමාරම්භක අයි.පී.එල්. තරගය අප්‍රේල් 9 වනදා චෙන්නායි නුවර පැවැත්වුණ ද, අප්‍රේල් 10 වනදා වන්කඩේ ක්‍රීඩාංගනයේදී පසුගිය වසරේ අනුශූරයන් වූ දිල්ලි කැපිටල්ස්  සහ තුන්වරක් ශූරතාව දිනූ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර තරඟය පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම, අයි. පී.එල් තරගාවලියේ තරග 10 කට සත්කාරකත්වය දක්වන්නේ මුම්බායි - වන්කඩේ ක්‍රීඩාංගනයයි.

එහි කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති අතර, මේ නිසා එහි අයි.පී.එල්. තරග පැවැත්වීම ගැටලුවක් වී ඇති බව සඳහන්.

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසරේ අයි.පී.එල්. තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වුණා.