ක්‍රිකට් ආයතනය යළි කෝප් කමිටුව හමුවට

Monday, 05 April 2021 - 15:01

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට හෙට යළි කැඳවා තිබෙනවා.

පසුගිය පෙබරවාරි 11 වනදා කෝප් කමිටුවට ඔවුන් නිසි සූදානමකින් තොරව පැමිණීම නිසා රැස්වීම අතරමග නවතා දැමුණු අතර, ඒ අනුව ක්‍රිකට් ආයතනයට මසක කාලයක් ලබාදීමටයි  තීරණය කෙරුණේ.

ඒ අනුවයි හෙට දිනයේ ක්‍රිකට්  ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවා ඇත්තේ. එමෙන්ම ලබන විසි වනදා ශ්‍රී ලංකා පාපැදි සංගමයද කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.