ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඇරඹේ

Friday, 09 April 2021 - 20:25

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BD%E0%B7%93%E0%B6%9C%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද ආරම්භ වුනා.

පසුගිය වසරේ ශූරයන් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි පළමු තරගයට මුහුණ දෙන්නේ.

මුම්බායි ඉන්දියන්ස් පිල මෙවර තරග වදින්නේ සිය 6 වන අයි.පී.එල්.ශූරතාව මෙන්ම අඛන්ඩ 3 වන තරගාවලි ජයග්‍රහණය අත් කර ගැනීමේ අරමුණෙන්.

එහිදී රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් මුම්බායි පිලට විරාට් කෝලිගේ බැංගලෝර් පිලෙන් ප්‍රබල අභියෝගයක් එල්ල වනු ඇති.

බැංගලෝර් පිලට ඒ.බී.ඩිවිලියර්ස්, ග්ලෙන් මැක්ස්වෙල් වැනි ප්‍රබල විදේශීය ක්‍රීඩකයන් රැසක් ඇතුළත් වන අතර, මුම්බායි පිලට සචින් තෙන්ඩුල්කාර්ගේ පුත් අර්ජුන් තෙන්ඩුල්කාර් ද ඇතුළත්.

අයි.පී.එල් අවසන් මහා තරගය මැයි 30 වනදා අහමදාබාද් හිදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.