තියුණු සටනකින් අනතුරුව බැංගලෝරය ඉදිරියි මුම්බායි පිල පරාජය වෙයි

Saturday, 10 April 2021 - 7:54

%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%9D%E0%B6%BB%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%92+%E0%B6%B8%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මෙවර ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලියේ සමාරම්භක තරඟ ය චෙන්නායි නුවරදී ඊයේ (09) පැවැත්වුණා.

එහිදී පසුගිය වසරේ ශූරයන් වූ මුම්බායි පිල පරදවා කඩුලු දෙකක තියුණු ජයක් ලැබීමට විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල සමත්වුණා.  

බැංගලෝර් පිල පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස මුම්බායි පිලට ඇරයුම් කළ අතර, ඔවුන් සිය පන්දු වාර විස්ස තුළදී කඩුලු 09ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 159 ක්.

පිළිතුරු වශයෙන් බැංගලෝර් පිල සිය පන්දු වාර විස්ස තුළ කඩුලු අටක් දැවී ලකුණු 160 ක් ලබමින් තරගයේ ජය හිමිකර ගත්තා.

අවසන් පන්දුව තෙක් තරඟයේ ජය දෙපිලටම දෝලන වීම විශේෂ සිදුවීමක් වුණා.

ආරම්භක තරඟය මෙතරම් තියුණු මුහුණුවරක් ගැනීමත් සමඟ මෙවර තරඟාවලිය ද ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇති බවයි විචාරකයින් මත පලකර සිටියේ.