චම්පක රාමනායකගේ පුහුණුකරු කොන්ත්‍රාත්තුව දීර්ඝ කෙරේ

Saturday, 10 April 2021 - 13:25

%E0%B6%A0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%9A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ප්‍රවීන ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක චම්පක රාමනායකගේ පුහුණුකරු කොන්ත්‍රාත්තුව දීර්ඝ කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තාවනවා.

එරට මාධ්‍ය සඳහන් කළේ බංග්ලාදේශ ඉහළ දක්ෂතා කණ්ඩායම මෑතකදී දැක්වූ දස්කම් ඊට ඉවහල් වී ඇති බවයි.

සංචාරක අයර්ලන්ත පිල සමඟ පැවති සිව්දින තරගයෙන් ජයග්‍රහණය කළ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම නිල නොවන එක්දින තරග පහෙන් හතරක් මෙන්ම විස්සයි විස්ස තරගයද ජයග්‍රහණය කළා.

ඒ අනුව මේ වසරේ ජූලි මාසයෙන් අවසන් වීමට නියමිත චම්පක රාමනායකගේ පුහුණු කොන්ත්‍රාත්තුව දීර්ඝ කරනු ඇති බවයි බංග්ලාදේශ මාධ්‍ය සඳහන් කළේ.

කෙසේ නමුත් ඔහු ඊයේ යළි දිවයිනට පැමිණීමට නියමිතව තිබූ අතර, සිය සංචාරයේදී තම පුතුන්ට පන්දු යැවීමේ  ගුරුහරුකම් ලබාදීමට මෙන්ම තමාගේ සොයාගැනීමක් වූ ලසිත් මාලිංගද මුණගැසීමට අදහස් කරන බව ප්‍රකාශ කළා.