දිල්ලි කැපිටල්ස්, චෙන්නායි සුපර් කිංග්ස් පරදවයි

Sunday, 11 April 2021 - 7:49

%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%2C+%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B7%92
මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති අයි.පී.එල්. තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් පිල පරදවා කඩුලු හතක ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් පිල සමත්වුණා.

කාසියේ වාසිය දිනූ දිල්ලි පිල පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස චෙන්නායි පිලට ඇරයුම් කළ අතර, ඔවුන් සිය පන්දු වාර විස්ස තුළදී කඩුලු හතක් දැවී ලකුණු 188 ක් රැස් කළා.

සුරේෂ් රයිනා එහිදී පන්දු 36 කින් ලකුණු 54 ක් රැස් කළ අතර, මොයීන් අලි ලකුණු 36 ක් ලබාගත්තා.

දිල්ලි කැපිටල්ස් පිල පන්දු 18 යි පන්දු හතරකදී කඩුලු තුනක් දැවී ලකුණු 190 ක් ලබමින් තරගයේ ජය හිමිකරගත්තා. එහිදී ෂිකර් ධවාන් පන්දු 54 කින් ලකුණු 85ක් රැස් කළ අතර, ප්‍රිත්වි ෂෝ ලකුණු 72 ක් රැස් කළේ පන්දු 38 කින්.

අයි.පී.එල්. තරගාවලියේ තවත් තරගයක් චෙන්නායි හිදී අද පැවැත්වෙන්නේ සන්රයිසස් හයිද්‍රාබාද් පිල සහ කොල්කටා නයිට් රයිඩර්ස් පිල අතරයි.