දකුණු අප්‍රිකාවට කඩුලු 6 ක ජයක්

Tuesday, 13 April 2021 - 14:17

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%94+6+%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පාකිස්ථානයට එරෙහිව තරග 4 කින් සමන්විත පන්දුවාර 20 තරගාවලියේ දෙවන තරගය කඩුලු 6 කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

ඊයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 140 ක් ලබා ගත්තා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම එම ඉලක්කය පසුකර ගියේ පන්දුවාර 14 ක් අවසානයේ කඩුලු 4 ක් බිඳ වැටී තිබියදීයි.

ඒ අනුව, කණ්ඩායම් දෙකම තරග 1 බැගින් ජය ගෙන මේ වනවිට සම තත්ත්වයේ පසුවනවා.