විස්සයි විස්ස ලෝක කුසලානයට පැමිණෙන පාකිස්ථාන පිලට ඉන්දියාවෙන් වීසා

Saturday, 17 April 2021 - 11:51

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B7%83%E0%B7%8F
මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක රට වන ඉන්දියාව ඒ සඳහා ක්‍රීඩාංගණ 9 ක් අද ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව දිල්ලි, මුම්බායි, චෙන්නායි, කොල්කටා, බැංගලෝර්, හයිද්‍රාබාද් සහ ධරම්ශාලා හිදී එම තරග පැවැත්වෙන අතර, අවසන් මහ තරගය අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.

පාකිස්ථාන කණ්ඩායමට වීසා බලපත් ලබාදීමේ ගැටළුවද විසඳී ඇති අතර, බාබර් අසාම්ගේ නායකත්වයෙන් යුත් පාකිස්ථාන පිලේ ක්‍රීඩකයන්ට වීසා බලපත් නිකුත් කිරීමට රජය එකඟ වූ බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ - ෂා සඳහන් කළේ.