ලකුණු 493කට ශ්‍රී ලංකා පළමු ඉනිම අත්හිටුවයි

Saturday, 01 May 2021 - 10:18

%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+493%E0%B6%9A%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
බංගලාදේශය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඒ, කඩුලු 07ක් දැවි ලකුණු 493 ක් ලබා සිටියදී.

ශ්‍රී ලංකා පිළ තරඟයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

එහිදී නායක දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න ශතක රැස්කරගැනීමට සමත් වුණා.

තරඟය, මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරඟයේ තුන්වන දිනය අදයි.