ශ්‍රී ලංකා පිල ලකුණු 259 ක් ඉදිරියෙන්

Saturday, 01 May 2021 - 20:41

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+259+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟ පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය සඳහා තරඟය නතර කරන විට බංග්ලාදේශයට වඩා ශ්‍රී ලංකා පිල ලකුණු 259කින් ඉදිරියෙන් පසුවනවා.

ශ්‍රී ලංකා පිල කඩුළු 7කට ලකුණු 493ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවා බංග්ලාදේශයට පළමු ඉනිම ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදුන් අතර ඒ අනුව අද දිනයේදී ඔවුන් සියළු දෙනා ලකුණු 251කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

ඒ අනුව සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය නිමා වනවිට දෙවන ඉනිම සඳහා කඩුළු 2ක් දැවී ලකුණු 17ක් රැස් කරගෙන සිටියා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කිරීමට වරම් හිමි කරගත් ප්‍රවීන් ජයවික්‍රම කඩුළු 6ක් දවා ගත්තා.