බංගලාදේශයට ලකුණු 437ක ඉලක්කයක්

Sunday, 02 May 2021 - 13:19

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+437%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ජය ගැනීමට බංගලාදේශ කණ්ඩායමට ලකුණු 437ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවි ලකුණු 493ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමටයි තීරණය කළේ.

අනතුරුව සිය පළමු ඉනිම සඳහා ලකුණු රැස් කිරීමට පිටියට පිවිසි බංගලාදේශය සියලු දෙනා දැවි ලබාගත් ලකුණු සංඛ්‍යාව 251ක්.

බංගලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු, 242 ක් ඉදිරියෙන් සිට තම දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවි ලකුණු 194ක් ලබා සිටියදී සිය දෙවන ඉනිම අත්හිටුවනු ලැබුවා.

අද තරගයේ සිව් වන දිනයයි.