බංග්ලාදේශය තවත් ලකුණු 260ක් පිටුපසින්

Sunday, 02 May 2021 - 19:44

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+260%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ 4 වන දිනය සඳහා තරගය නතර කරන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශය කඩුලු 05 ක් දැවී ලකුණු 177 ක් ලබා සිටියා.

ඒ අනුව තරඟය ජයග්‍රහණය කිරීමට නම් කඩුලු 5ක් අතැතිව සිටින බංග්ලාදේශ කණ්ඩායම තවත් ලකුණු 260ක් ලබා ගත යුතු වනවා.

මංගල ටෙස්ට් තරඟයට සහභාගි වන ප්‍රවීන් ජයවික්‍රම මේ දක්වා දෙවන ඉනිමේදී කඩුලු 2ක් බිද හෙලා ඇති අතර ඒ අනුව ඔහු සමස්ත තරඟයේ ලබා සිටින කඩුලු සංඛ්‍යාව 8ක්.