ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරඟයේ අවසන් දිනය අදයි

Monday, 03 May 2021 - 9:11

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ 05 වන සහ අවසන් දිනය අදයි.

ඊයේ (02) සිව්වන දිනට තරඟය නතර කරන විට බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 177 ක් ලබා සිටියා.

ඒ අනුව තරඟය ජයග්‍රහණය කිරීමට නම් කඩුලු 05ක් අතැතිව සිටින බංග්ලාදේශ කණ්ඩායම තවත් ලකුණු 260ක් ලබා ගත යුතුයි.