තිසර, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

Monday, 03 May 2021 - 20:26

%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%BB%2C+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කර ඇත්තේ නවක සහ දක්ෂ ක්‍රීඩකයින්ට අවස්ථාව ලබාදීමේ අරමුණින් තමන් මෙම තීරණය ගත් බවයි.

තිස් දෙහැවිරිදි වියේ පසුවන තිසර පෙරේරා පන්දු වාර විස්ස සහ එක්දින තරගවලට නායකත්වය ලබාදුන් අතර, ඔහු ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදුන්නේ 2016 වසරේදියි. 2014 වසරේ පන්දු වාර 20 ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසද ඔහු කටයුතු කළා.

එක්දින තරඟ 166කදී ලකුණු 2338ක් ලබාගෙන ඇති තිසර පෙරේරා කඩුලු 175ක් බිඳ හෙලීමට සමත්ව ඇති අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු වාර 20 තරඟ 84කට ක්‍රීඩා කර තිබෙනවා.