දිල්ලි දිස්ත්‍රික් ක්‍රිකට් සම්මේලනයේ සේවකයින් පහකට කොරෝනා

Tuesday, 04 May 2021 - 8:19

%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%9A%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F
මේ දිනවල අයි.පී.එල්. තරඟ පැවැත්වෙන අරුන් ජේයිට්ලි ක්‍රීඩාංගණය අයත් දිල්ලි දිස්ත්‍රික් ක්‍රිකට් සම්මේලනයේ සේවකයින් පස්දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

මෙම ක්‍රීඩාංගණයේ 08 වනදා දක්වා අයි.පී.එල්. තරග පැවැත්වෙන අතර, අද දිනයේ මුම්බායි ඉන්දියන්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර තරගය පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

කෙසේ වෙතත් දිල්ලි දිස්ත්‍රික් ක්‍රිකට් සම්මේලනයේ සභාපතිවරයා කියා සිටියේ කොරෝනා ආසාදිත සේවකයින් මේ දිනවල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සේවා කටයුතුවල නිරත නොවන බවයි.