චෙන්නායි පිල හුදෙකලා කරයි

Tuesday, 04 May 2021 - 11:52

%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
2021 ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හුදෙකලා කර තිබෙනවා.

එම කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරියා ප්‍රකාශ කර සිටියේ ඊයේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වලදී කණ්ඩායමේ සාමාජිකයින් තිදෙදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි.

කොවිඩ් ආසාදිතයින් අතරට කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු වන ඉන්දීය හිටපු ක්‍රීඩක ලක්ෂ්මිපති බාලාජි ද ඇතුළත්.

මේ අතර හෙට දින පැවැත්වීමට නියමිතව තිබූ චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් අතර තරඟය කල් දැමීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් ඊයේ පැවැත්වීමට තිබූ කොල්කටා නයිට් රයිඩර්ස් සහ  රෝයල් චැලෙන්ජස් බැංගලෝර් අතර තරඟය ද කල් දැමීමට සංවිධායකයින්ට සිදුවුණා.