බි්‍රතාන්‍ය ජාතිකයන්ට සංචාරය කිරීමට රටවල් 12 ක හරිත ලැයිස්තුවක්

Saturday, 08 May 2021 - 13:30

%E0%B6%B6%E0%B7%92%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+12+%E0%B6%9A+%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%AD+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
බි්‍රතාන්‍ය ජාතිකයන්ට සංචාරය කිරීම සඳහා සුදුසු රටවල් ලැයිස්තුවක් බි්‍රතාන්‍ය රජය විසින් නිවේදනය කරනු ලැබුවා.

ඒ අනුව, ලබන 17 වනදා සිට එම රටවල සංචාරයෙන් පසු බි්‍රතාන්‍යයට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනයට ලක් නොකෙරෙනු ඇති.

පෘතුගාලය, ඊශ්‍රායලය, නවසීලන්තය, ඕස්ටේ්‍රලියාව, සිංගප්පූරුව සහ බෲනායි ඇතුළත් එම ලැයිස්තුවට බි්‍රතාන්‍ය වාසීන් වැඩි වශයෙන්ම සංචාරය කරන ස්පාඤ්ඤය, ප්‍රංශය, ඉතාලිය හෝ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළත් කර නැහැ.

කෙසේ නමුත්, මෙම ලැයිස්තුව අනවශ්‍ය වැඩි අවධානයකින් සකස් කර ඇති බවට බි්‍රතාන්‍යයේ සංචාරක නියෝජිතායතන චෝදනා නගනවා.

මේ අතර, අවදානම් සහිත රටවලින් සේවය සඳහා පැමිණෙන පුද්ගලයන්ට ඇතුළුවීමේ බලපත්‍ර නිකුත් කිරීම සිංගප්පූරුව විසින් අත්හිටුවා තිබෙනවා.

කෙසේ නමුත් එය ගෘහස්ථ සේවකයන්, ඉදිකිරීම්, නාවික තටාකාංග සහ සැකසුම් කර්මාන්තයේ නිරත සංක්‍රමණික ශ්‍රමිකයින් සඳහා බල නොපවත්වන බව සිංගප්පූරු රජය නිවේදනය කළා.