නිරෝධායන නීති කඩකල පාපන්දු කණ්ඩායමකට වැඩ වරදී

Sunday, 09 May 2021 - 19:27

%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%A9%E0%B6%9A%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
ආසියානු පාපන්දු සම්මේලනයේ තරගයක් සඳහා මාලදිවයිනට පැමිණි ඉන්දීය බෙංගලූරු පාපන්දු සමාජයේ ක්‍රීඩකයන්ට වහා රටින් නික්මෙන ලෙස එරට ක්‍රීඩා අමාත්‍ය අහමඩ් මහ්ලූෆ් දැනුම් දී තිබෙනවා.

ඒ ඔවුන් මාලදිවයිනේ දැනට ක්‍රියාත්මක කොවිඩ් මර්දන නිරෝධායන නීති කඩ කිරීම හේතුවෙන්.

පසුගිය සිකුරාදා මාලදිවයිනට පැමිණි එම කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු නිරෝධායන නීති නොතකා මාලේ නුවර වීථිවල සැරිසරා ඇති බවයි වාර්තා වන්නේ.

බෙංගලූරු පාපන්දු කණ්ඩායමේ නායකත්වය දරන්නේ ඉන්දීය ජාතික පාපන්දු කණ්ඩායමේ නායක සුනිල් චෙට්රි විසින්.

ආසියානු පාපන්දු සම්මේලනයේ ඩී ඛාණ්ඩයේ තරග සඳහා සත්කාරකත්වය දක්වන්නේ මාලදිවයිනයි.

ආසියානු සම්මේලනය පසුව නිවේදනය කළේ ඉන්දීය පාපන්දු සමාජය සහභාගි වන අදාළ තරගය කල් දැමූ බවයි.