ඉන්දීය ක්‍රිකට් පිල ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානම්

Monday, 10 May 2021 - 7:52

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
ඉන්දීය ක්‍රිකට් පිල ශ්‍රී ලංකාවේ එක්දින සහ විස්සයි විස්ස තරඟ සංචාරයක් සඳහා පැමිණීමට සූදානම් බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි ප්‍රකාශ කළා.

ඒ සඳහා නිශ්චිත දින වකවානු ප්‍රකාශයට පත් නොකළද ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ තරඟ සටහන අනුව ඉන්දීය කණ්ඩායම දිවයිනට පැමිණිය යුත්තේ ලබන ජූලි මාසයේදීයි.

පසුගිය වසරේ ජුනි මාසයේදීද ඉන්දීය පිල ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ නමුදු කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් එය අවලංගු කෙරුණා.

ඉන්දීය පිල ශ්‍රී ලංකාව සමඟ එක්දින තරඟ 03 කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 05 කට සහභාගිවීමට සැලසුම් කර ඇති බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රිතිව් ෂෝ, ශිකර් ධවාන්, දේව්දත් පඩික්කාල්, ඉශාන් කිෂාන්, මනිෂ් පාන්ඩයා, සුර්යකුමාර් යාදෙව්, සංජු සැම්සන්, හර්දික් පාන්ඩයා, කූර්නල් පාන්ඩයා, රාහුල චාහර්, ප්‍රසාද් ක්‍රිෂන්, යුශ්වේන්ද්‍ර චාහල්, බුවෙනේශ්වර් කුමාර්, නව්දීප් සයිනි, තංගරාසු නටරාජන්, දීපක් චාහර්, වරුන් චක්‍රවර්ති යන ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් සංචිතය මෙම තරඟ සංචාරය සඳහා එක්වනු ඇති බවයි විශ්වාස කරන්නේ. 

කෙසේ නමුත්, ඉන්දීය පිල, ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟය සඳහා ජුනි 02 වැනිදා එංගලන්තය බලා නික්මෙන අතර, පසුව එංගලන්තය සමඟ ටෙස්ට් තරඟ 05 කටද සහභාගිවීමට නියමිතයි.

මේ අනුව ජූලි මාසයේදී ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරය සිදුවුවහොත් එංගලන්ත සංචාරය සඳහා සහභාගි වන ක්‍රීඩකයින් ඊට එක්නොවනු ඇති.

මේ අතර, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කළේ අයි.පී.එල්. තරඟාවලියේ ඉතිරි කොටස ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව මෙතෙක් තීරණයකට එළැඹී නොමැති බවයි.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පවතින දින 14 ක දැඩි නිරෝධායන නීති ඒ සඳහා ගැටළුකාරී තත්ත්වයක් මතු කරන බව ඔහු සඳහන් කළා.