සාධාරණයක් ඉටුවන තෙක් කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තීරණය කරයි

Saturday, 05 June 2021 - 15:38

%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
සාධාරණයක් ඉටු වනතුරු තවදුරටත් වාර්ෂික හා තරඟ සංචාර සඳහා වන කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් විසින් තම නියෝජිතයා ලෙස පත් කරන ලද නීතිඥ නිශාන් සිඩ්නි ප්‍රේමතිරත්න මේ බව සඳහන් කළේ කුසල් ජනිත් පෙරේරා, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් හා ධනංජය සිල්වා ඇතුළු ක්‍රීඩකයන් 38 දෙනෙකු වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින්.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ නව ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ විනිවිදභාවය පිළිබඳ ගැටලුවලට පිලියම් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් අපොහොසත් වී ඇති බවයි.

\"\" \"\"