ශ්‍රී ලංකා පිලේ එංගලන්ත සංචාරය අර්බුදයක ?

Sunday, 06 June 2021 - 7:36

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A+%3F
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කොන්ත්‍රාත්තු ගත ක්‍රීඩකයන් 24 දෙනාම නව කොන්ත්‍රාත්තු අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා ශ්‍රී ලංකා පිලේ එංගලන්ත සංචාරය අර්බුදයකට ලක්විය හැකි බව එංගලන්තයේ ගාඩියන් පුවත්පත පවසනවා.

තරග හයකින් යුත් එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිල ලබන බදාදා එංගලන්තය බලා නික්මීමට නියමිතයි.

තරගාවලිය ලබන 23 වනදා ආරම්භ වන අතර, අර්බුදය සම්බන්ධයෙන් විසඳුමක් ඇතිකරගැනීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බවයි ගාඩියන් පුවත්පත වැඩිදුරටත් සඳහන් කළේ.

එංගලන්ත සංචාරයට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය පසුගිය සිකුරාදා ප්‍රකාශයට පත් කෙරුණු අතර, ඒ සඳහා නම් කෙරුණු විසි හතරදෙනා ඇතුලු ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයන් 36 දෙනෙකු කොන්ත්‍රාත්තු අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කෙසේ නමුත් ඔවුන් ප්‍රකාශ කරන්නේ රට වෙනුවෙන් තරග කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමන්ට ගෙවීම් ප්‍රතික්ෂේප කළද තරග කිරීමට අදහස් කරන බවයි.

නව කොන්ත්‍රාත් ගිවිසුම් විනිවිද භාවයකින් තොරවන අතර, බොහෝ ක්‍රීඩකයන්ට අසාධාරණයක් සිදුවන බව ඊට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කරන ක්‍රීඩකයන් ඔවුන්ගේ නීතීඥයා මගින් දැනුම්දී තිබුණා.

කෙසේ නමුත් නව ක්‍රීඩක වර්ගීකරණ ව්‍යුහයේ නිර්මාතෘවරයා ලෙස සැළකෙන හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා පවසන්නේ දොස් පැවරීම පසෙක ලා ක්‍රීඩකයන් පිටියේ හොඳින් දස්කම් දැක්විය යුතු බවයි.

ශ්‍රී ලංකා පිල පසුගිය තරගාවලි අටකින් ජයගෙන ඇත්තේ එක් තරගාවලියක් පමණයි.