20 - 20 ලෝක කුසලාන තරගාවලිය ගැන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ තීරණය දන්වයි

Sunday, 06 June 2021 - 13:38

20+-+20+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ පැවැත්වීමට තමන් විරුද්ධත්වය පළ නොකරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දන්වා තිබෙනවා.

එමගින්, ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය වෙත ඒ බව අභ්‍යන්තර පණිවුඩයක් වශයෙන් සන්නිවේදනය කර ඇති බවයි පී.ටී.අයි. ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවලදී ඉන්දියාවේ පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

කෙසේ නමුත්, කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් එහි තරගාවලිය පැවැත්වීම ගැටලුකාරි වී තිබෙනවා.

ඒ අනුව, ඔක්තෝම්බර් මස අවසන් සතියේදී විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි, අබුඩාබි සහ සාජාහිදී ආරම්භ වනු ඇතැයි අපේක්ෂිතයි.

ඕමානයේ මස්කට් ක්‍රීඩාංගනය තරග පැවැත්වෙන 4 වන ක්‍රීඩාංගනය වනු ඇති.

කෙසේ නමුත් විස්සයි විස්ස ලෝක කුසලානය සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය ඉදිරියේදී නිල ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතයි.