ඔලී රොබින්සන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් ඉවත් කිරීමේ තීරණයක්

Monday, 07 June 2021 - 12:48

%E0%B6%94%E0%B6%BD%E0%B7%93+%E0%B6%BB%E0%B7%9C%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
එංගලන්ත ක්‍රිකට් පිලේ නවක ක්‍රීඩක ඔලී රොබින්සන් සියලුම ආකාරයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් ඉවත් කිරීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මෙම තාවකාලිකව තහනම පැනවෙන්නේ 2012 - 2013 වසරවලදී ඔහු සිය ට්විටර් ගිණුමේ පළ කල වර්ගවාදී සහ ලිංගිකත්වය පදනම් වූ පල කිරිම් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා එහි ප්‍රතිඵල ලැබෙනතුරුයි.

කෙසේ නමුත්, වේගපන්දු යවන්නෙකු වන ඔලී රොබින්සන් නවසීලන්තය සමග පැවති සිය මංගල ටෙස්ට් තරගයේදී කඩුලු 7 ක් ලබා ගනිමින් දස්කම් දැක්වීමට සමත් වුණා.

මේ සියවසේදී සිය මංගල ටෙස්ට් තරගයේදී කඩුලු 7 ක් හෝ ඊට වැඩියෙන් ලබා ගෙන ඇත්තේ ක්‍රීඩකයන් දෙදෙනෙකු පමණයි.

පැනවුණු තහනම හේතුවෙන් ඔලී රොබින්සන් එංගලන්ත සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයට ඇතුළත් නොකෙරෙනු ඇති.