සාම්ප්‍රදායික ක්‍රිකට් ක්‍රීඩාවට නව අරුතක් - නවසීලන්ත නායක කේන් විලියම්සන්

Tuesday, 08 June 2021 - 13:43

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයක් සංවිධානය කිරීම සාම්ප්‍රදායික ක්‍රිකට් ක්‍රීඩාවට නව අරුතක් එක් කරන බව නවසීලන්ත නායක කේන් විලියම්සන් පවසනවා.

වසර දෙකක් තිස්සේ පැවති ද්වීපාර්ශවික ටෙස්ට් තරගාවලි වලදී ඉහළම දස්කම් දැක්වූ කණ්ඩායම් දෙක වන නවසීලන්ත සහ ඉන්දියාව ලබන 18 වනදා සිට එංගලන්තයේ සවුතැම්ප්ටන්හි පැවැත්වෙන අවසන් මහා තරගයට එක්වනවා.

ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම වන ඉන්දියාව සහ දෙවන ස්ථානයේ සිටින නවසීලන්තය ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේදී දක්වන දස්කම් අනුව අයි.සී.සී. ටෙස්ට් දර්ශකයේ ඔවුන්ගේ ස්ථානය ද තීරණය වනු ඇති.

එංගලන්තය සමග දැන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය පරාජයකින් තොරව අවසන් කර ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයෙන් ඉන්දියාව පැරදුවහොත් අයි.සී.සී. ටෙස්ට් කණ්ඩායම් දර්ශකයේ ප්‍රමුඛස්ථානය හිමිවන්නේ නවසීලන්තයටයි.