විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ පැවැත්වීම ගැන සාකච්ඡා

Tuesday, 08 June 2021 - 19:28

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F
මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්විය හැකි ද යන්න පිලිබඳව ඉන්දිය ක්‍රිකට් බලධාරින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡාවලට එළඹී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය මේ වසරේ ඔක්තෝම්බර් මාසයේ ඉන්දියාවේ පැවැත්වීමටයි ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය කටයුතු යොදා තිබුණේ.

එහෙත්, ඉන්දියාවේ දැනට උත්සන්න වී පවතින කොරෝනා වසංගතය හේතුවෙන් එය අවිනිශ්චිත වී ඇති අතර, තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත රැගෙන යාමට විකල්පයක් ඉදිරිපත් වුණා.

කෙසේ නමුත්, කොරෝනා වසංගතය නිසා කල් දැමුණු අයි.පී.එල් තරගාවලියේ දෙවන කොටස ද පැවැත්වීමට නියමිතව ඇත්තේ එක්සත් අරාබි එමීරයේයි.

අයි.පී.එල් අවසන් මහා තරගය ඔක්තෝම්බර් 10 වනදා පැවැත්වීමට නියමිත අතර, විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝම්බර් 8 වනදා ආරම්භ වීමට නියමිතයි. එමෙන්ම, ලෝක කුසලාන තරගාවලියට දින 10 කට පෙර අයි.සී.සී.ය විසින් එමීරයේ ක්‍රීඩාංගන වෙන් කරවා ගත යුතුයි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්විය හැකි ද යන්න විමසා ඇත්තේ ඒ හේතුවෙන්.

කෙසේ නමුත් මේ පිලිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය නුදුරේදීම තීරණයකට එළඹෙනු ඇති.