නවසීලන්ත පිල සහ එංගලන්තය අතර, දෙවන ටෙස්ට් තරගය හෙට

Wednesday, 09 June 2021 - 19:02

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%E0%B7%83%E0%B7%84+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%2C+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7
සංචාරක නවසීලන්ත පිල සහ එංගලන්තය අතර, දෙවන ටෙස්ට් තරගය එඩ්බැග්ස්ටන් හිදී හෙට ආරම්භ වනවා.

පළමු තරගය ජය පැරදුමකින් තොරව අවසන් වීම නිසා තරගාවලිය අපරාජිතව අවසන් කිරීම නවසීලන්ත පිලේ අරමුණයි.

ඒ මෙම තරගාවලියේදී පරාජයක් නොලබා, ලබන 18 වනදා සිට සව්තැම්ප්ටන්හි දී පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරගයේදී ඉන්දියාව පැරදුවහොත් ඔවුන් ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම වන බැවින්.

එමෙන්ම, සමාරම්භක ලෝක ටෙස්ට් ශූරතාව ජයග්‍රහණය කිරීමට නවසීලන්තය සහ ඉන්දියාව අතර පවතින්නේ තියුණු තරඟයක්.

මෙම තරගය සඳහා තෝරා ගතහොත් වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් , එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවකට එනම්, 162 කට මුහුණදුන් ක්‍රීඩකයා බවට පත්වනු ඇති.

ටෙස්ට් තරග 161 කට සහභාගි වී ඇති ශ්‍රීමත් ඇලෙස්ටෙයාර් කුක් දැනට එම වාර්තාව උසුලනවා.