දකුණු කොරියාව 05 යි, ශ්‍රී ලංකාව 0 යි

Thursday, 10 June 2021 - 9:12

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+05+%E0%B6%BA%E0%B7%92%2C+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+0+%E0%B6%BA%E0%B7%92
2022 වසරේ කටාරයේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ආසියානු සුදුස්සන් තේරීමේ තරගාවලියේ ඊයේ පැවති තරගයකින් ශ්‍රී ලංකාව පරදවා ගෝල 5 ට බින්දුවක ජයක් වාර්තා කිරීමට දකුණු කොරියාව සමත් වුණා.

තරගයේ පළමු භාගයේදී ගෝල 3 ක් වාර්තා කළ දකුණු කොරියානු පිල දෙවන භාගයේදී තවත් ගෝල දෙකක් ඊට එක් කළා.

සුදුසුකම් ලැබීමේ තරගාවලියේ එච් - කාණ්ඩයේ තරඟ වැදි ශ්‍රී ලංකා පිල තරග 6 කින් එක් තරගයක් හෝ ජය ගැනීමට සමත් වූයේ නැහැ. කෙසේ නමුත්, ලෙබනනය සමග පැවති තරගයේදී ශ්‍රී ලංකා පිල යම් අභියෝගයක් එල්ල කිරීමට සමත් වුණා.