පාකිස්ථාන සුපර් ලීග් විස්සයි විස්ස තරගාවලිය නැවතත්

Thursday, 10 June 2021 - 13:23

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BD%E0%B7%93%E0%B6%9C%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A
කොරෝනා වසංගතය නිසා පසුගිය මාර්තු මාසයේ කල් දැමුණු පාකිස්ථාන සුපර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහිදී ඊයේ නැවතත් ආරම්භ වුණා.

එහිදී ඉස්ලාමාබාද් යුනයිටඩ් පිල සමඟ පැවති තරගයෙන් ලාහෝර් කැලන්ඩර්ස් පිල කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට සමත් වුණා.

ඉස්ලාමාබාද් පිල සිය පන්දුවාර විස්ස තුලදී කඩුලු 9 ක් දැවී ලකුණු 143 ක් රැස් කළ අතර, ඕස්ට්‍රේලියානු  ක්‍රීඩක ජේම්ස් ෆෝල්ක්නර් ලකුණු 32 කට කඩුලු 3 ක් බිඳ හෙලුවා.

ඇෆ්ගනිස්ථාන දග පන්දු යවන ක්‍රීඩක රෂිඩ් ඛාන් සිය පන්දුවාර හතරේදී ලකුණු 9 ක් පමණක් ලබාදී එක් කඩුල්ලක් බිඳ හෙලුවා.

පිළිතුරු වශයෙන් ලාහෝර් පිල සිය පන්දුවාර 20 තුලදී කඩුලු 5 ක් දැවී ලකුණු 144 ක් ලබමින් තරගයේ ජය හිමිකර ගත්තා.

නායක සොහිල් අක්තාර් ලකුණු 40 ක් ලබා ගත්තා.

රෂිඩ් ඛාන් නැවතත් පිත්තෙන් දස්කම් දක්වමින් පන්දු 5 කදී නොදැවී ලකුණු 15 ක් රැස් කර ගනිමින් සිය කණ්ඩායමේ ජය තහවුරු කළා.