යුරෝ දෙදහස් විස්ස, යුරෝපීය පාපන්දු ශූරතා තරගාවලිය, අද යළි ඇරඹේ

Thursday, 10 June 2021 - 20:32

%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%2C+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%2C+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
කොරෝනා වසංගතය නිසා කල් දැමුණු යුරෝ දෙදහස් විස්ස, යුරෝපීය පාපන්දු ශූරතා තරගාවලිය, අද යළි ආරම්භ වනවා.

එහිදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ පෘතුගාලය නැවතත් යුරෝපීය ශූරතාව රැක ගැනීමට උත්සාහ කරන අතර, ලෝක ශූර ප්‍රංශ පිල තවත් කුසලානයක් තම ජයග්‍රහණ අතරට එක් කර ගැනීමට උත්සාහ කරනු ඇති.  

ප්‍රංශය මෙවර තරගාවලිය ජය ගැනීමට වැඩි අවස්ථාවක් ඇති රට ලෙස සැලකුණ ද, වර්ගීකරණය අනුව ඉහළ මට්ටමක සිටින බෙල්ජියම සහ තරුණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත එංගලන්තය ඔවුන්ට අභියෝගයක් වනු ඇතැයි අපේක්ෂිතයි.

63 වසරක යුරෝපා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වරට මෙවර තරගාවලිය යුරෝපයේ නගර 11ක පැවැත්වීම විශේෂත්වයක්.

යුරෝ 2020 තරගාවලිය යළි ආරම්භ කරමින් රෝමයේදී අද තරග වදින්නේ තුර්කිය සහ ඉතාලියයි.