ඉන්දියාවෙන් ශ්‍රි ලංකාවට දෙවැනි පෙළ කණ්ඩායමක් - නායකයා ශිකර් ධවාන්

Thursday, 10 June 2021 - 23:11

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B0%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A
2021 ශ්‍රී ලංකා සංචාරය සඳහා වන ඉන්දීය ක්‍රිකට් සංචිතය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරය සඳහා නම් කළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්ව වගකීම පවරා ඇත්තේ ආරම්භක පිතිකරු ශිකර් ධවාන්ටයි.

උප නායකයා ලෙස වේග පන්දු යවන ක්‍රීඩක බුවනේශ්වර් කුමාර් නම්කර තිබෙනවා.

ඉන්දීය කණ්ඩායම ජුලි මාසයේ මෙරටදී  පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින තරගාවලියකට හා තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලියක් සඳහා එක්වීමට නියමිතයි.

තරගාවලියේ පළමු එක්දින තරගය ජූලි 13 වනදා පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය කන්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩකයින් සියල්ල එංගලන්තය සමග පැවැත්වෙන තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලියකට එක්වීමට එංගලන්තයට යෑමට නියමිත බැවින් ශ්‍රි ලංකා සංචාරය සඳහා දෙවන පෙළ සංචිතයක් නම් කිරීමටයි ඉන්දීය ක්‍රිකට් බලධාරින් තීරණය කර ඇත්තේ.

ඉන්දීය සංචිතය:

ශිකර් ධවාන් (නායක), ප්‍රිති ෂෝ, දේව්දත් පඩික්කල්, රුතුරාජ් ගයික්වාඩ්, සූර්ය කුමාර් යාදව්, මනීෂ් පාණ්ඩේ, හාඩික් පාණ්ඩ්‍යා, නිතිෂ් රානා, ඉෂාන් කිෂාන් (කඩුලු රකින්නා), සංජු සැම්සන් (කඩුලු රකින්නා), චාල් රාව් ගෞතම්, කෘනාල් පාණ්ඩ්‍යා, කුල්දීප් යාදව්, වරුන් චක්‍රවර්ති, බුවනේශ්වර් කුමාර් (උප නායක), දීපක් චහාර්, නවදීප් සයිනි, සහ චෙතන් සකරියා.