නඩාල් පරාජය කරමින් නොවැක් ජොකොවිච්ට තියුණු ජයක්

Saturday, 12 June 2021 - 8:24

%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%90%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%9C%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A0%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ප්‍රංශ විවෘත ටෙනිස් තරඟාවලියේ පස්වන අඛණ්ඩ ජයග්‍රහණය සඳහා තරඟ වැදුණු ස්පාඤ්ඤ ක්‍රීඩක රෆායෙල් නඩාල් පරාජයට පත්කරමින් සර්බියාවේ නොවැක් ජොකොවිච් ඊයේ පැවති අවසන් පූර්ව තරඟයෙන් තියුණු ජයක් වාර්තා කළා.

ඔහු ජයග්‍රහණය හිමිකර ගත්තේ 3 ට 6 ක්, 6 ට 3 ක්, 7 ට 6 ක් සහ 6 ට 2 ක් ලෙස මෑත ඉතිහාසයේ විශිෂ්ඨතම ටෙනිස් තරඟයක් ප්‍රේක්ෂකයින් වෙත ඉදිරිපත් කරමින්.

මේ අනුව 34 හැවිරිදි ජොකොවිච්, 22 හැවිරිදි ග්‍රීක ටෙනිස් ක්‍රීඩක ස්ටෙෆානොස් සිසිපාස් සමඟ ඉරිදා පැවැත්වෙන අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබුවා.