එංගලන්ත T20 සංචිතය නම් කෙරේ

Sunday, 13 June 2021 - 13:13

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+T20+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් එංගලන්ත ක්‍රිකට් සංචිතය ඊයේ නම් කෙරුණා.

එහිදී එංගලන්ත එක්දින කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු වන ක්‍රිස් වෝක්ස් 2015 වසරෙන් පසු ප්‍රථම වරට එංගලන්ත විස්සයි විස්ස සංචිතයට ඇතුළත් කිරීම විශේෂත්වයක්.

එමෙන්ම, වේග පන්දු යවන ක්‍රීඩක ඩේවිඩ් විලී සහ දඟ පන්දු යවන ක්‍රීඩක ලියම් ඩෝසන් වසර 03 කට පසු එංගලන්ත විස්සයි විස්ස සංචිතයට ඇතුළත් වනවා.

කායික ආබාධයකට ලක්වීම නිසා බෙන් ස්ටෝක්ස් සහ ජොෆ්රා ආචර් එංගලන්ත කණ්ඩායමට ඇතුළත් වන්නේ නැහැ.

එංගලන්ත පිලේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ප්‍රකාශ කළේ විස්සයි විස්ස ලෝක කුසලානයට මාස කිහිපයක් පමණක් ඇති බැවින් මෙම තරඟාවලියේදී දක්වන දස්කම් සැලකිල්ලට ගනු ලබන බවයි.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු විස්සයි විස්ස තරඟය ලබන 23 වැනිදා කාඩිෆ් හිදී පැවැත්වීමට නියමිතයි.