මතකයන් අහිමිව ඇති බව සුව වී රෝහලෙන් පැමිණි ඩූ ප්ලෙසිස් කියයි

Monday, 14 June 2021 - 10:43

%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B7%83%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%93+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%A9%E0%B7%96+%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
තමන් මේ වනවිට පූර්ණ සුවය ලබා නවාතැන්ගෙන සිටි හෝටලය වෙත පැමිණි බව හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ෆැෆ් ඩූ ප්ලෙසිස් පවසනවා.
 
සිය ට්විටර් ගිණුමෙහි විශේෂ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටියා.

ෆැෆ් ඩූ ප්ලෙසිස් එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලු අයට සිය ස්තූතිය පළ කරන බවයි.
 
යම් ප්‍රමාණයකට සිය මතකයන් අහිමිව ඇති බවත්, කෙසේ වෙතත් තමන් මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති බවත් ඔහු  එහි තව දුරටත් සඳහන් කර ඇත්තේ.

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ පසුගිය 19 වනදා පැවති ක්වේටා ග්ලැඩියේටර්ස් සහ පෙෂාවර් කණ්ඩායම් අතර තරඟයේ උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදීයි ක්වේටා ක්‍රීඩක මොහොමඩ් හස්නයින්ගේ පාදයේ ඩු ප්ලෙසිස්ගේ හිස තදින් වැදීම හේතුවෙන් ඔහු රෝහල් ගත කෙරුණා.

\"\"