සචිත්‍ර සේනානායක යළි ක්‍රීඩා වැරදි සොයන පොලිස් ඒකකය යළි කැඳවීමේ සූදානමක්

Thursday, 17 June 2021 - 14:28

%E0%B7%83%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායක ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයට යළි කැඳවීමට නියමිත බව එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා ප්‍රකාශ  කළා.

හම්බන්තොට දී පසුගිය වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෙකුට තරඟ පාවාදීමට යෝජනා කළ බවටයි සචිත්‍ර සේනානායකට චෝදනා එල්ල වී තිබුණේ.

ඊට අදාළව ඔහු පසුගිය මාර්තු මාසයේදී ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් ඒකකයට ප්‍රකාශයක් ලබාදුන් අතර, සචිත්‍ර සිය වත්කම් පිළිබද වාර්තාවක් ද ලබාදී තිබුණා.

සචිත්‍ර සේනානායක යළි ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් ඒකකයට කැදවීමට නියමිතව ඇත්තේ එම වත්කම් වාර්තාව සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහායි.