ජෝජ් ගාඩ්න් ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියට

Sunday, 20 June 2021 - 13:36

%E0%B6%A2%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව  ලබන 29 වනදා ආරම්භවන තරග තුනකින් යුත් එක්දින තරගාවලිය සඳහා නම් කළ එංගලන්තයේ ඔලී ස්ටේන් වෙනුවට දඟ පන්දු යවන ක්‍රීඩක ජෝජ් ගාඩ්න් කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා.

පුහුණුවීම් අතරතුරදී පිටකොන්දේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔලී ස්ටේන් විවේක ගැන්වීමටයි එංගලන්ත ක්‍රිකට් බලධාරීන් කටයුතු කර ඇත්තේ.

එක්දින තරගාවලියට පෙරාතුව දෙරට අතර පන්දු වාර විස්ස තරගාවලිය කාඩිෆ්හිදී ලබන 23 වනදා ආරම්භවීමට නියමිතයි.