ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු තනතුරේ වැඩබැලීමට ධම්මික සුදර්ශන

Tuesday, 13 July 2021 - 8:40

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තනතුරේ වැඩ බැලීමට වයස අවුරුදු 19 න් පහල ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධම්මික සුදර්ශන පත්කර තිබෙනවා.

ඒ, පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් කොවිඩ් ආසාදනය වීම නිසා ඉන්දීය තරඟාවලියට එක් නොවීම හේතුවෙන්.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කළ ධම්මික සුදර්ශන, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස්, චරිත් අසලංක සහ ධනංජය ලක්ෂාන් වැනි වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයින් රැසක් බිහි කිරීමට දායක වුණා.

ඉන් අනතුරුවයි ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය සඳහා යොදවා ගනු ලැබුවේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරඟාවලිය ලබන 18 වැනිදා ආරම්භ වීමට නියමිතයි.