එංගලන්තයේ සංචාරයේ නිරත ඉන්දීය ක්‍රීඩකයෙකුට කොරෝනා

Thursday, 15 July 2021 - 11:35

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%AD+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F
එංගලන්ත සංචාරයට එක්ව සිටින ඉන්දීය ක්‍රීකට් ක්‍රීඩකයන් 23 දෙනා අතුරෙන් එක් අයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළා.

මේ නිසා ඔහු එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ජෛව බුබුළට ඇතුළත් නොවනු ඇති. අනෙකුත් ඉන්දීය ක්‍රීඩකයන් ඒ සඳහා අද ඩර්හැම්නුවරට පැමිණෙන අතර, ටෙස්ට් තරගාවලිය ලබන මස පැවැත්වීමට නියමිතයි.

කෙසේ නමුත්, ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදනය වී ඇති බව සැලකෙන මෙම ඉන්දීය ක්‍රීඩකයා මෙතෙක් නම් කර නැහැ.