කොරෝනා ආසාදනය වූ ඉන්දීය ක්‍රීඩකයා, රිෂාබ් පාන්ට්

Thursday, 15 July 2021 - 14:57

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%96+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%2C+%E0%B6%BB%E0%B7%92%E0%B7%82%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A
එංගලන්තයේ සංචාරය කරන ඉන්දීය ක්‍රිකට් පිලේ කොරෝනා ආසාදනය වී ඇති ක්‍රීඩකයා කඩුලු රකින්නෙකු ලෙසද කටයුතු කරන දක්ෂ පිතිකරු රිෂාබ් පාන්ට් බවට අනාවරණය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

ඉන්දීය සංචිතයේ ක්‍රීඩකයන් 23 දෙනෙකු අතුරින් එක් ක්‍රීඩකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව ප්‍රකාශ කළද එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය හෝ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එම ක්‍රීඩකයා නම් කලේ නැහැ.

කෙසේ නමුත් එන්.ඩී.ටීවී ප්‍රවෘත්තී සේවාව සඳහන් කරන පරිදි පසුගිය මැයි 13 වනදා සිය පළමු කොරෝනා එන්නත් මාත්‍රාව ලබා ගත් පාන්ට් මීට දින 8කට පෙර සිදු කල කොරෝනා පරීක්ෂණයේදී ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඔහු පසුගියදා සිය මිතුරන් සමග ලන්ඩන් - වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ පැවති යූරෝ 20යි 20 අවසන් තරඟය නරඹනු දක්නට ලැබුණා.

පසුගියදා පැවති ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරඟයෙන් පසු ඉන්දීය ක්‍රීඩකයන්ට දින 20 ක විරාමයක් ලබා දී තිබුණා.

ඔවුන් එංගලන්ත ටෙස්ට් තරඟාවලියට පෙර ඩර්හැම් හිදී පුහුණු තරඟ වලට එක්වන අතර ආසාදිතයෙකු වීම නිසා රිෂාබ් පාන්ට් ඊට එක් නොවන බව සඳහන්.