ඔලිම්පික් යන ක්‍රීඩකයින්ට ඇමති නාමල් සුබ පතයි

Friday, 16 July 2021 - 8:26

%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B6+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
ජපානයේ ටෝකියෝ නුවර එළැඹෙන 23 වැනිදා ආරම්භ වන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමට, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සූම් තාක්ෂණය ඔස්සේ සුබපැතුම් එක්කර තිබෙනවා.

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000 කගේ පමණ සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර, ඔවුන් ස්ථාන 42 කදී විවිධ තරඟ 33 ක් සහ ඉසව් 339 ක් වෙනුවෙන් තරඟ වැදීමට නියමිතයි.

ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ඇමතූ ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රට වෙනුවෙන් යුතුකම් ඉටු කිරීම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වගකීමක් බවයි. ඔවුන් වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා කවුන්සිලය සහ ජාතික ඔලිම්පික් කමිටුව හැකි සියලු දෑ ඉටුකර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.

මෙවර ඔලිම්පික් වරම් ලැබූ ශ්‍රී ලාංකික කණ්ඩායමේ 09 දෙනාගෙන් 05 දෙනෙකුම ක්‍රීඩිකාවන් වීම විශේෂත්වයක්. රටක් වශයෙන් කාන්තා සහභාගීත්වය ඉහළ තලයක පැවතීම මෙරට කාන්තාවන්ට ඉමහත් ගෞරවයක් ලෙස සැලකිය හැකි බවයි අමාත්‍ය නාමල් රාජපක්ෂ කියා සිටියේ.