ශ්‍රී ලංකා ක්‍රිකට් දිනේෂ් චන්දිමාල්ට හමුවක් ලබාදෙයි

Friday, 16 July 2021 - 11:17

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ක්‍රීඩකයෙකු ලෙස සිය අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් හමුවක් ඉල්ලා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් විසින් ඉදිරිපත් කරන ලද ලිපියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ චන්දිමාල් ඉදිරිපත් කළ ලිපිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සාකච්ඡා කර ඇති බවත් ඒ පිළිබඳව තව දුරටත් සාකච්ඡා කිරීමට හමුවක් සඳහා ඔහුට ලබන සතියේ අඟහරුවාදා ක්‍රිකට් ආයතනය වෙත පැමිණෙන ලෙස දන්වා ඇති බවයි.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂනික කමිටු සභාපති අරවින්ද ද සිල්වා වෙත ලිපියක් යවමින් තම ක්‍රිකට් දිවියේ අනාගතය පිළිබඳ ප්‍රශ්න කළා.

එහිදී සිය ක්‍රිකට් තරග දත්ත පෙන්වා දෙමින් 31 හැවිරිදි චන්දිමාල් කියා සිටියේ මෙරට හිටපු ශ්‍රෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වෘත්තීය සංඛ්‍යාලේඛන සැලකීමෙදී ඔවුන්ද වැඩි දස්කම් දක්වා ඇත්තේ වෘත්තීය දිවියේ දෙවන භාගයේදී බවයි.