මෙවර ඔලිම්පික් යන කණ්ඩායමට ඉතිහාසයේ වැඩිම ආයෝජනය

Saturday, 17 July 2021 - 8:56

%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B6%BB+%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA
2020 ඔලිම්පික් තරඟාවලියට සුදුසුකම් ලැබූ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණු කරුවන් වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම ආයෝජනය සිදු කරමින් රුපියල් මිලියන 46 යි දශම 2ක පිරිවැයක් දරණ බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය ප්‍රකාශ කළා.

ජාතික ක්‍රීඩා සභාව හා උසස් දක්ෂතා කමිටුවෙන් මුදල් චෙක්පත ලබා දෙමින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ පැවති උත්සවයකදීයී ඔහු මේ බව සඳහන් කළේ.


මෙවර 2020 ඔලිම්පික් උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම තරු පන්තියේ හෝටලයක් වන සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ආරක්ෂිත ජෛව බුබුලකට ඇතුළත් කර පූර්ව නිරෝධායන කටයුතු සඳහා පහසුකම් සලසා ඇති බවද තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියා.