යොවුන් ක්‍රීඩකයින්ගෙන් සමන්විත ශ්‍රී ලංකා පිල ඉන්දීය අභියෝගයට සූදානම්

Sunday, 18 July 2021 - 8:46

%E0%B6%BA%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
ෂිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුත් සංචාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරඟය දිවා රාත්‍රි තරඟයක් ලෙසින් අද කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

එහිදී ශ්‍රී ලංකා පිල මෙහෙයවනු ලබන්නේ නව සීමිත පන්දුවාර කණ්ඩායම් නායක දසුන් ශානක විසින්.

ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයින් වැඩි දෙනෙකු යොවුන් වියේ පසුවන නවක ක්‍රීඩකයින්.

කෙසේ නමුත්, ඒ අතරින් පැතුම් නිශ්ශංක, අශේන් බණ්ඩාර, මිනෝද් බානුක වැනි ක්‍රීඩකයින්ගෙන් දස්කම් අපේක්ෂා කළ හැකි බවයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.

සමාජ මාධ්‍ය අදහස් දැක්වීම් හේතුවෙන් අමෙරිකානු ඩොලර් 5000 ක දඩයක් පනවා කණ්ඩායමට එක්වූ පිතිකරු භානුක රාජපක්ෂටද මෙම තරඟාවලියේ අවස්ථාවක් හිමිව ඇති අතර, විසි දෙහැවිරිදි ධනංජය ලක්ෂාන්ගෙන්ද හොඳ පන්දු යැවීමක් අපේක්ෂා කෙරෙනවා.

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කළ කුසල් ජනිත් පෙරේරා එංගලන්ත සංචාරයේදී ඇතිවූ උරහිසේ ආබාධය තවමත් සුව වී නොමැති නිසා ඉන්දීය තරඟාවලියට සහභාගි වන්නේ නැහැ.